(නිමල කොඩිතුවක්කු)
නව බඳවා ගැනීම් සහ උසස්වීම් පටිපාටියෙන් බැහැරව ලංගම සේවකයන් 1,500ක් සඳහා උසස්විම් ලබාදීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය චෝදනා කරයි.
ලංගම රියදුරු සහ කොන්දොස්තරවරුන් 1500 ක පමණ පිරිසක් ලංගම කාර්යාලවලට අනුයුක්ත කරමින් එම තනතුරුවලට අදාල රාජකාරී ආවරණය කිරීමට යොදවා ඇතැයිද එම සමිතියේ ප්‍රකාශකයකු පැවසීය.
මේ හේතුවෙන් බස්රථ ධාවනයට බාධා එල්ල වි ඇතැයිද එම ප්‍රකාශකයා කියා සිටියේය.
දේශපාලන පලිගැනීම් මුවාවෙන් යහපාලන ආණ්ඩුව සමයේ ලංගම රියදුරු සහ කොන්දොස්තරවරුන් 3500 ක් සඳහා මෙලෙස උසස්විම් ලබාදුන් බවත් තම සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමක් හේතුවෙන් එම උසස්වීම් ඇන හිට ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා නව තනතුරු ලබාදීම සම්බන්ධයෙන්ද මෙම පෙත්සම බාධාවක් වී ඇති බැවින් එම පෙත්සම ඉවත් කරගන්නා ලෙසට බලපෑම් එල්ල වෙමන් තිබෙන බවද සඳහන් කළේය.
මේ අනුව 16,000 ක් පමණ වන ලංගම රියදුරු සහ කොන්දොස්තරවරුන්ගෙන් 5,000ක පමණ පිරිසකට එක්වර උසස්විම් ලැබුණහොත් බස්රථ ධාවනයට විශාල ගැටලුවක් එල්ල විය හැකි බවටද එම ප්‍රකාශකයා කියා සිටියේය.

