නිදහස් චතුරඝ්‍රය අසළ සිදුවී ඇත්තේ ඝාතනයක් නොවේ


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 

කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය  දිවි නසා ගන්නා බවට  සදහන්   ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි.

 

ඉංග්‍රීසියෙන් පරිගණක ගත කළ තිබූ   පිටු දෙකකින්  සමන්විත එම ලිපියේ ඔහුට තිබෙන රෝගී තත්වයන් එහි සඳහන් කර ඒවා  ශල්‍යකර්ම මගින්  සිදුකර සනීප කර ගත හැකි වුව ද අන් අයට කරදරයක් නො වන පරිදි සිය දිවි නසා  ගන්නා බව එහි සඳහන්ව තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
 
ඊට අමතර ව ඔහුගේ දේපළ සිය දරුවන් ට ලබා දෙන ආකාරය  ද එහි සඳහන්ව තිබූ බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.
 
ඊයේ රාත්‍රී 8.30 ට පමණ දෙහිවල පදිංචි ඔහුගේ සහෝදරයාට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් යවා තිබෙන මෙම පුද්ගලයා ඔහුගේ පෞද්ගලික ගමන් බෑගය විවෘත කරන රහස් සංකේත ද එහි සඳහන් කර ගමන් බෑගය  තුළ ලිපියක් ඇති බවත් එය කියවා බලන ලෙස ද කෙටි පණිවුඩයේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි .