නිදහස් කුසලානය ඉන්දියාවට


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

ඡායාරූප - ශාන්ත රත්නායක

තරගයේ වැඩිවිස්තර සඳහා  www.kelimandala.lk වෙත පිවිසෙන්න