
(සුමිත් පොතුපිටිය)
නිදහස සැමරුවාට නිදහස නෑ , ජනතා බලය ජනතාව සතුකිරිම උදෙසා සටන් වදින බලවේගය යන මැයෙන් කළුතර මහජන කවුන්සිලයේ ක්‍රියාකාරිහු පිරිසක් කළුතර නගර මධ්‍යයේ විරෝධතාවක් සිදු කළහ.
අරගලයේන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අව්ලන ප්‍රචන්ඩත්වය එපා. ජීවත්විමේ අයිතිය වෙනුවෙන් සටන් කරමු, ගෙල මිරිකන ටැක්ස් එපා, නිදහස සැමරුවාට නිදහස කෝ යන මැයෙන් විවිධ විරෝධතා පුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලී සිටියහ.

