නිදන් ගැරූ ප්‍රා මන්ත්‍රීට දඩ


ඇඹිලිපියේ බෝසිරිගම නිවසක නිදානයක් හාරමින් සිටි තනමල්විල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හා හිටපු සභාපති ගාමිණී කුලරත්න ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා රුපියල් පනස් දහස බැගින් දඩ නියම කළේය.

හිටපු ප්‍රාදේශීය සභාපතිගේ දඩය රජයේ ගාස්තුවක් ලෙස අය කර ගන්නැයි ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම ගැන නියෝගයක් දීම ලබන 27 වැනි දාට කල් තැබිණි.