(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ත්‍රිකුණාමලය, තම්පලාකාමම් බටහිර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි , සිංගප්පූරුවේ පෞද්ගලික ආයතනයක රැකියා කරන්නෙකු වේ.
ඔහු විසින් රැගෙන ආ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු විශාල ගමන් මල්ලේ ශ්‍රී ලංකා රුපියල් 1,000 සහ රුපියල් 5,000 නෝට්ටු වලින් සමන්විත මෙම රුපියල් 48,99,000 ක් සඟවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

