(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ මගියකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොහු කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක පුද්ගලයෙකි .
අද (16) අලුයම 5.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Chanel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 16,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 80 ක් සගවා ගෙන තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් බව රේගුව පවසයි.