නිතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට අවවාද කර මුදාහරී


(නිමන්ති රණසිංහ)

අධික වේගයෙන් රිය පැදවීයැයි වරද පිළිගත් නීතීවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

 

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 117ක වේගයෙන් රිය පැදවීයැයි කියමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිනි.

 

නීතීවේදීයකුගේ සහායක් නැතිව විත්තිකූඩුවට නැගී නීතීඥ සුගන්ධිකා මහත්මිය වරද පිළිගත්තාය. ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර මුදා හැරීමට නියෝග කළේය.