
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මිගමුව හා කොච්චිකඩේ ධීවරයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් විශාල පිරිසක් නාවික හමුදා බුද්ධී තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාව බාරයට ගැනිමට සමත් ව තිබේ.
ඒ සමඟ මිගමුව හා කොච්චිකඩේ පදිංචි 34 හා 67 වසස් වල පසුවන පුද්ගලයින් පස් දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
බහුදින යාත්‍රාව තුළ ආරක්ෂීතව පෙට්ටි තුල සගවා රැගෙන එමින් තිබු පිඹුරන් 13 දෙනෙකු ,තලගොයකු,විශාල ඉබ්බේකු සමග ගිරවුන් තිදෙනෙකුද නාවික හමුදා බාරයට ගෙන තිබිණි.
දිර්ඝ විමර්ශන වලින් පසුව දකුණු මුහුදු තිරයෙදී මෙම බහුදින යාත්‍රාව හා සැකකරුවන් ඔවුන් ගොඩ බිමට පැමිණේමින් තිබු බහුදින යාත්‍රාව තුළ ආරක්ෂීතව රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් මෙලෙස අත් අඩංගුවට ගැනිමට හැකිව ඇත.
අත් අඩංගුවට ගත් උරගයින් හා පක්ෂීන් ශ්‍රී ලංකාවට ආවේනික නොවන බවත් ගාල්ල වරායට රැගෙන ආ මෙම සතුන් පරික්ෂා කල වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් සනාථ කර ඇත.
අදාල උරගයින් හා පක්ෂීන් හා ධීවරයින් හා බහුදින යාත්‍රාව සමග ඉදිරි පරික්ෂණ සදහා හික්කඩුව වනජීවි කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.





