නිතී විරෝධි දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් අත්අඩංගුවට


 

 

(ටී.කේ.ජී.කපිල)

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක්  සමඟ පුද්ගලයකු  කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
.
 අත්අඩංගුවට පත් පුද්ගලයා  කොළඹ , බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි .
 
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 15,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 77 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි . ඒවායේ වටිනාකම රුපියල් 7,70,000 ක් බව රේගුව සදහන් කරයි.
 
සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ   ඔහු පැමිණ ඇති අතර  ඔහු රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමෙන් පසු මෙම දුම්වැටි තොගය සොයාගෙන තිබේ.