(ඩි.ජී.සුගතපාල)
නිතර නාය යෑමට ලක්වන රත්නපුර, මාතර,නුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවල නාය යෑම වළක්වා ගැනීම සඳහා නාය ස්ථාවර කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ දෙදහසක ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ එම දිස්ත්‍රික්කවල හඳුනාගත් ස්ථානයන්හි නාය යාම වළක්වා ගැනිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට නියමිත අතර ඒවා 2019 වසරේ පෙබරවාරි මාසය වනවිට අවසන් කිරිමට ද නියමිතය.
මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයත් ලංකාගම විද්‍යාලයේ නාය යන කොටස ස්ථාවර කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා. රුපියල් ලක්ෂ තුන්සිය අසුවක මුදලක් ඇස්තමේන්තු කරඇති බවද ඒ මහතා පවසයි.