නෑනාට අතවර කළ මස්සිනා අත්අඩංගුවට



 
(ජේ.කේ.එල් .චාමින්ද)                        

                      
බාලවයස්කාර දැරියක් දෙවතාවකදී ගැබිනියක් බවට පත්කළ එම දැරියගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා ගාල්ල කොටුව නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


ඌරල කොඹෙයිගොඩකන්ද ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම බාලවයස්කාර දැරිය එවකට 14  හැවිරිදි වියේ සිටියදී 2009 වර්ෂයේ දි අතවරයට ලක් කර ඇත.  ඉන්පසු මෙම දැරිය පාසලේදී  සිහිසුන් වී තිබේ. පසුව ඒ සහා ප්‍රතිකාර ගත්තද සුව වී නොමැති අතර පසුව දැරිය වෛද්‍ය පරික්ෂණවලට ලක් කිරිමේ දි ගැබිනියක් බවට අනාවරණය වී ඇත. 


දැරියගෙන් මේ ගැන විමසුවිට සුරියවැව රුවන් නැමැති අයකුගේ නමක් පවසා තිබේ. එම නම දැරිය හා දැරිය අතවරයට ලක් කළ  පුද්ලයා විසින් නිර්මාණය කරනු ලැබු නමක් බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.


මේ සම්බන්ධ 2010 03.20  වැනි දා මුල්වරට පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව බාලවයක්කාර දැරිය විසින් බිහි කළ දරුවා  අධිකරණය මගින් වෙනත් අයකුට  හදා වඩා ගැනිමට දී ඇත.

නැවත වතාවක් මෙම දැරිවිය ගැබිනියක් බවට පත්ව ඇති අතර එම දරුවාද වෙනත් අයෙකුට හදාවඩා ගැනීමට ලබාදී ඇත. දෙවැනි වතාවේදි මෙම දැරිවිය ගැබිනියක් බවට පත්වන විට ඇයගේ වයස අවුරුදු 17කි.


සැකකාර මස්සිනා මෙම සිද්ධිය වී වසර නමයකට පමණ පසු අත්අඩංගුවට ගෙන ඇත. දැන් මෙම තැනැත්තියගේ වයස අවුරුදු 23ක් වන අතර සැකකාර මස්සිනාගේ වයස අවුරුදු 48කි.