(දයාරත්න ඇඹෝගම)
පසුගිය දින විසුරුවා හරින ලද උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ඡන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් මෙම නඩුව පැවරීම සඳහා අලුත්කඩේ උසාවි සංකීර්ණයට පැමිණි බව රංජිත් මහතා සදහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන යහපාලන ආණ්ඩුව මහජනතාවගේ සියලු අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින අවස්ථාවක ඡන්ද අයිතිය ඉල්ලා තමන් ඇතුළු කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

