ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ ටෙන්ඩරය ප්‍රංශයේ ටූටාල් සමාගමට දීමට යයි.
නැගෙනහිර මුහුදේ තෙල් ගවේෂණය කරන පළමු අවස්ථාව මෙයයි.
ඇමැති මණ්ඩලය මෙවන් තීරණයක් ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ලේකම් ඩී.එම්.එස්. බටගොඩ මහතා කියයි.
මේ අතර මන්නාරමේ ගෑස් හා තෙල් නිධි සෙවීමේ කාර්යයෙන් ඉන්දියාවේ කේන් සමාගම ඉවත් වීමත් සමග ටූටාල්, ෂෙල් හා එක්සන් මොබිල් සමාගම් ඉදිරිපත් වී සිටී. කෙරවළපිටිය හා කැලණිතිස්ස තාප බලාගාර වලින් විදුලිය නිපදවීම සඳහා ස්වභාවික ගෑස් යොදා ගැනීම රජයේ උත්සාහයයි.

