( තිළිණි ද සිල්වා )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය (නාරා ආයතනය ) පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.
ඒ අනුව වත්තල සිට මාරවිල දක්වා වන වෙරළ තීරය ආශ්‍රිත ජල සාම්පල එක්රැස් කිරීම ආරම්භ කර ඇතැයිද එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය
ගිනි ගනිමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට හානියක් සිදු වී ඇත් ද යන්න අධ්‍යයනය කිරීම සඳහා එලෙස ජල සාම්පල් එක්රැස් කරන බවත් , මේ සදහා විශේෂ කණ්ඩායමක් යොමුකර ඇති බවද අචාර්ය පාලිත කිත්සිරි මහතා කීය .
ඉදිරි දින දෙක ඇතුළත එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

