
(ශාන්ත රත්නායක)
කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර විනාශය පිළිබඳ පර්යේෂණ පාමාවීම සහ ඉන් පීඩාවට පත්වූවන්ට මෙතෙක් වන්දි ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල සවුසිරිපාය ඉදිරිපිට දී අද (19) පැවැත්විණි
ඉකුත් මැයි මාසයේ ගිනි ගැනීමකට ලක්ව වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මාස හයක් ගතවන තුරුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි විරෝධතාකරුවෝ මෙහිදී පැවසූහ.



