භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් කෝටි හතකට (රුපියල් කෝටි 924)මිලට ගැනීමට ශ්‍රී ලංකාව සැරැසෙයි.
ශ්‍රී ලංකා නැව් සමාගම යළි පණ ගන්වා නැවියන් පුහුණු කිරීමටද මෙම නැව් දෙක යොදා ගනු ඇත.
දෙවසරක් ඇතුළතදී නැව් දෙක ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
රජය ගිය ඔක්තෝබරයේදී නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ නැව් සංස්ථාවේ සභාපති ලෙස පත් කළේය.