නැව් තොට හැදෑරීමට දකුණු ඉන්දියාවෙන්


       ශ්‍රී ලංකාවේ වරාය පිළිබඳ අධ්‍යයනයක යෙදිමින් මෙරට ආර්ථීක සංවර්ධනය  පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම  සඳහා ඉන්දියාවේ විශාඛාපට්ටනම් ගාන්ධි කලමනාකරණ හා තාක්ෂණ  විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරුන් ඇතුළු  සිසුහු  147 දෙනෙක්  අද  දහවල් දිවයිනට පැමිණියහ.
මහාචාර්ය රවිනාතගේ මෙහෙයවීම මත මෙම සිසුහු  දින හතරක්   කොළඹ   හා හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රීත ආර්ථීක සංවර්ධන කටයුතු  පිළිබඳ අධ්‍යයනයක යෙදෙති.
එසේම තමන් ඇතුළු මෙම විශ්ව විද්‍යාල සිසුහු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත් තම අධ්‍යයනය සාර්ථක වුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් මහාචාර්ය රවිනාත්  එසැණට කීවේය.

මෙම පිරිස මෙරටට ගෙන්වීම සදහා පහසුකම් සපයා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ශ්‍රී ලංකන් හොලිඩේ අංශය , චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ එල්.එස්.ආර් ආයතනයි.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාලදිවයින් - ශ්‍රී ලංකා  ප්‍රාදේශීය කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රී ලංකන් හොලිඩේස් කලමනාකරු ගයාන් පීරිස්, විධායක නිලධාරිනී සුසීමා රත්නසේකර හා එල්.එස්.ආර් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.