මහනුවර දළඳා පෙරහර සධාතුක කරඬුව වැඩම කළ ගම්පහ, නැදුන්ගමුවේ රාජා හස්තියා සිය හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසට පැමිණෙද්දී මහ සඟ රුවනේ පිරිත් දේශනා මැද පළතුරුවලින් සංග්‍රහ කර පිළිගැනීමේ අවස්ථාවක් යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ආයුර්වේද රෝහලේ බෞද්ධ සංගමය ඇතුළු කාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබිණි.
රාජා හස්තියා මේ වන විට 64 වැනි වියේ පසුවේ.

