නැදුන්කර්නි පාසලේ බිම් බෝම්බයක්


(රොමේෂ් මධුෂංඛ)
 
වවුනියාව නැදුන්කර්නි මහා විද්‍යාල භූමියේ මිදුලෙහි යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන අධිබලැති බිම් බෝම්බයක් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පවසයි.

විද්‍යාලයේ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් පොළොව හාරන අවස්ථාවේදී පාසලේ සිසුන් බෝම්බය දැක ඇති අතර ඔවුන් කල්පනාකාරී ලෙස විදුහල්පතිවරයා දැනුවත් කර තිබේ.ඒ අනුව විදුහල්පතිවරයා පොලීසිය දැනුවත් කර ඇත.

විදුහල්පතිවරයා වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත් කර පසුව පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.
මීට පෙර පාසල් සිසුන් මෙම ස්ථානයේ දහස් වතාවකට වඩා එම ස්ථානයෙන් ගමන් කර ඇති බවත් එවන් අවස්ථාවකදී බිම් බෝම්බය පුපුරා ගියේනම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

අදාළ බිම්බෝම්බය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ විද්‍යාලයෙන් දරුවන් ඉවත් කර බෝම්බය ගොඩ ගෙන විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය අද(10) පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.