නැති බැරි කත සැත්කමට පිහිට පතයි


කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා මාස ගණනක් එකතැන්ව සිට රෝහල් ගත වී ප්‍රතිකාර ලබා එසැණ පාඨකයන්ගේ උදව් උපකාර ඇතිව එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් කර ගත් නාවල රාජගිරිය පාරේ අංක 17/2 නිවසේ පදිංචි එන් එම් ජේ නවරත්න මහත්මියට කොන්දේ ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවත්, ඒ සඳහා රුපියල් තුන් ලක්ෂයක් පමණ වැය වන බවත්  වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණය කර ගැනීමට උදව් උපකාර කළ එසැණ පාඨකයන්ට පිං දෙන නවරත්න මහත්මිය ශල්‍යකර්මය කර ගැනීමට හා අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ද සහාය පතන්නීය.

ගෙන් ගෙට ගොස් පින්තූර විකුණා ජීවත් වූ ඇගේ මාසික ආදායම රුපියල් 3000ටත් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර සමාජ සේවා නිලධාරිනී එස් සමන්ති ප්‍රසංගිකා සිල්වා හත්මිය කියන්නීය.

ඇගේ දුරකතන අංකය - 072 88 49 506