ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබි නායකතුමන් ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් දිනය අනුස්මරණය කිරීම මේ උළෙලේ අරමුණයි.
හජ් යන අරාබි වචනයේ තේරුම වන්දනාවයි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යෑම ඉතා උතුම් කාර්යයක් සේ සැලකේ.
නබි නායකතුමාගේ පරිත්‍යාගශීලිත්වය සැමරීමට අමතරව සියලු ජාතීන් අතර සමානාත්මතාව හා සරල ගති පැවතුම් අවධාරණය කිරීමේ මේ හජ් වන්දනාවේ තවත් අරමුණකි.
අම්පාරේ ඉරක්කාමම් සේගු ඉසදීක් ක්‍රීඩාංගනයට රැස්වූ ඉස්ලාම් බැතිමත්හු අද හජ් වන්දනාවේ යෙදුනාහ.
(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)
අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී යාඥා මෙහෙය (ඡායාරූප මොහොමඩ් ආසික්)

