නැගෙනහිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨය වසා දමයි


( අමදෝරු අමරජීව)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය  නැවත දැනුම්දෙන තුරු  තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව පීඨාධිපතිනි එස්. කුමුදුනි දේවි මහත්මිය පැවසිය.

මෙම පීඨයේ සිසුන් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින්  මැයි පළමු වැනිදා සිට පංති වර්ජනයක් ආරම්භ කළ අතර මේ සම්බන්ධයෙන් මණ්ඩපය සමඟ  අවස්ථා ගණනාවකදි පැවති සාකච්ඡා වලට එකඟ නොවි අඛණ්ඩව  පංති වර්ජනයක් දියත් කරගෙන යන නිසා මෙම තීරණය ගත් බව පීඨාධිපතිනිය පැවසිය.

මේ අනුව සංනිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨයේ එක, දෙක,තුන හා හතර වසරවල අධ්‍යන කටයුතු  තාවකාලිකව නවතා දමන බව පීඨාධිපතිනිය පැවසිය.

මෙම පීඨයට 2016/17 අධ්‍යන වර්ෂය සදහා නවක සිසුන් ඇතුළත්  කරගැනිම පසුගිය පස් වැනිදා සිදුකිරිමට නියමිතව තිබු අතර මෙම පංති වර්ජනය නිසා එම කටයුතුද  මීට පෙර දින නියමයක් නොමැතිව කල්දැමීමට බලධාරින්ට සිදුවිය.