නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ලද වෙසක් පිංකම විහාරාධිපති පූජ්‍ය මාකුරේ මංගල හිමියන්ගේ අනුශාසනා අනුව පසුගිය දා පැවැත්විණි. පූජ්‍ය මඩුගල්ලේ මහානාම හිමි සංවිධාන කටයුතු මෙහෙයවූහ. ශීල සමාධි පූජා, භාවනා වැඩසටහන් හා විශේෂ ධර්ම දේශනා සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙමින් පැවැත්වූ උත්සවය අවසානයේ බත් දන්සැලක් ද පැවැත්විණි.


