
(නිමල කොඩිතුවක්කු සහ අමදෝරු අමරජීව)
කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කළේය.
ඊට අමතරව පළාතේ සියලූ නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීම් කර තිබේ.
සවස හයෙන් පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබේ

