නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට


(අජන්ත කුමාර අගලකඩ)

නැගෙනහිර පළාතේ  නව ආණ්ඩුකාරවරයා ලෙස  දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද   සිල්වා මහතා   අද (05)  මීට සුළු මොහොතකට පෙර  ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ  ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා  මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද   සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.

පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු  පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය. 

අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු අඛණ්ඩව තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. 

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)