නැගීඑන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 18 දෙනකුට ජනශක්ති අනුග‍්‍රහය


ග‍්‍රාමීය පාසල් වල නැගී එන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අත හිත දීම වෙනුවෙන් ජනශක්ති රක්ෂණ සමගම විසින් ආරම්භ කර ඇති ‘ග‍්‍රාමීය මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අනුග‍්‍රහය දැක්වීමේ වැඩසටහන’ යටතේ තෝරාගන්නා ලද මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 18 දෙනකුට ජනශක්ති රක්ෂණ සමාගම් මූලස්ථානයේදී අනුග‍්‍රහයන් පිරිනැමිණ.

ජනශක්ති රක්ෂණ සමගම තම 18 වැනි සංවත්සරය වෙනුවෙන් මලල කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් 18 දෙනෙකුට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී.

අලවෙඞ්ඩි, යාපනය, කහවත්ත, මාවතගම, උඩවලව, වරකාපොල, කුරුණෑගල, රත්නපුර, ඇහැලියගොඩ, මාතලේ, ගලෙන්බිඳුනුවැව, නිට්ටඹුව, කෑගල්ල සහ ඇඹිලිපිටිය යන ප‍්‍රදේශ වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙසේ අනුග‍්‍රහය හිමිවන අතර ඔවුන් ජනශක්ති සමාගමේ සේවය කරනු ලබන කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්, පාසල් මට්ටමේ කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් සහ නවක මලල කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් ලෙස කාණ්ඩ 3 කින් සමන්විතය. එක් කාණ්ඩයකට කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් 6 දෙනා බැගින් අයත් වේ.

අනුග‍්‍රහය ලබන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

ජනශක්ති සමාගමේ සේවය කරනු ලබන මලල කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ

අමාලි විජේසිංහ (වරකාපොල), ආර්. ඒ. චාමිකා ජයමිනී (කහවත්ත), ආර්. ඒ. කේ. පී. මධුමතී (කුරුණෑගල), නයෝමි ජයතිලක (රත්නපුර), ඉෂාරා දයානන්ද (ඇහැලියගොඩ), ශන්මුකරාසා තනූශා (අලවෙඞ්ඩි)

පාසල් මට්ටමේ මලල කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ
මේධානි වික‍්‍රමනායක (මාතලේ), එච්. එම්. නිමේෂා මධුෂාණි (ගලෙන්බිඳුනුවැව), එස්. ආර්. ජේ. පබසරා සේනානායක (නිට්ටඹුව), ශිවන්ති කුමාරි (කෑගල්ල), මලින් උයද කුමාර (රත්නපුර), කි‍්‍රතිහ (මාතලේ)

පාසල් මට්ටමේ නවක මලල කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ
ඒ. ඒ. සමිත ලක්මාල් (ඇඹිලිපිටිය), ඒ. වී. ජී. අකිල රවිෂන්ක (උඩවලව), බාලසුබ‍්‍රමනියම් නිතූසන් (යාපනය), ආර්. එම්. රුමේෂිකා රත්නායක (මාවතගම), ප‍්‍රසාද් මධුරංග (ඇඹිලිපිටිය), හර්ෂනී වත්සලා කුමාරි (කහවත්ත)

(ග‍්‍රාමීය මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අනුග‍්‍රහය දැක්වීමේ ජනශක්ති වැඩසටහනේ උපදේශක වරුන් වන ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම්වරයකු වන පේ‍්‍රම පින්නවල මහතා පොල්තෙල් පහන දල්වමින්.. ජනශක්ති රක්‍ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා සහ මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතාද ඡයාරූපයේ සිටිති.)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ජනශක්ති අනුග‍්‍රහය හිමිවන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ.)