නාවිකයා කටාරයෙන් පිටුවහල්


ව්‍යාජ  වීසා බල පත්‍රයක්  භාවිතා කරමින්  කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පදවිය, යාය පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

කටාර් බලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහුගේ වීසාව ව්‍යාජ බව දැන කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 468 දරණ ගුවන් යානයෙන් ඔහු ආපසු මෙරටට එවා  තිබිණි. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු නාවික හමුදාවේ වසර 10 යක් සේවය කර ඇති බවත් දින 10 යක් නිමාඩුවක් ලබාගෙන ඒ අතර තුරදී මෙලෙස රටින්   පැනයාමට උත්සහ දරා ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.