ඉන්දිකා රාමනායක
නාවික හමුදාවේ නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද (1) සිට පත්කර ඇති බව නාවික හමුදාව කියයි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වන ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා 2006 වසරේ දී 45 වැනි ශිෂ්‍ය භට නිලධාරී බඳවා ගැනීම යටතේ නාවික හමුදාවට බැදී ඇති අතර 2008 වසරේ ඒ මහතා අධිකාරියට පත්ව ඇත.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමිකරගෙන ඇති ඒ මහතා ඉන්දියාවේ ගරුඩා නාවික ගුවන් පුහුණු ආයතනයේ නාවික ගුවන් නිරීක්ෂණ පිළිබඳව පාඨමාලවක් ද, ඉන්දියාවේ වෙන්ඩුරුති නාවික පුහුණු ආයතනයේ උප ලූතිනන් තාක්ෂණික පාඨමාලාව , නාවික හා සාගරික විද්‍යා පීඨයේ කණිෂ්ඨ නාවික අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇතුළු දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
වසර 12 ක සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවූ ඒ මහතා නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මීට ප‍්‍රථම නාවික හමුදා මුලස්ථානයේ මණ්ඩලික නිලධාරි විදේශ සබදතා ලෙස රාජකාරි කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.