නාවික හමුදාපතිගේ සේවා කාලය අදින් අවසන්


නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ සේවා කාලය අද (30) අවසන් වීමට නියමිතය. මේ දක්වා ඒ මහතාට සේවා දිගුවක් ලබදී නැති බවත් නාවික හමුදා ආරංචි කියයි.

පසුගිය වසරේ ජූනි මාසයේ නාවික හමුදාපති ධූරයට පත්වූ  ජයන්ත පෙරේරා මහතාට සේවා දිගුවක් නොලැබෙන්නේ නම් විශ්‍රාම ගත යුතුව ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා මීළඟ නාවික හමුදාපති ලෙස තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තාවේ.