නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග


(නිමන්ති රණසිංහ)
නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියට නියෝග කළාය.
කොටහේන ප්‍රදේශයේ දී ළමයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවකු වන ඔහු මෙතෙක් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී දසනායක ඇතුළු 7 දෙනකු දැනටත් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබ සිටිති.