
(පද්මා කුමාරී කංකානම්ගේ )
ගිණි අවියක් සොරකම් කොට වෙනත් පාර්ශවයකට ලබාදීමේ සිද්දියක් සම්බන්ධයෙන් කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉංජිනේරු කාර්මික නිළධාරියකු, පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
නාවුක හමුදාවේ සහකාර විනය ආරක්ෂාධිපති වයඹ පී.පී.එස්.අයි පතිරණ මහතා කළ පැමිණිල්ලකට අදාළව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කල්පිටිය විජය නාවුක හමුදා කදවුර ආසන්නයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයකුට,නාවුක කඳවුරට අයත් යාත්රාවක තිබූ ගිණි අවියක් මෙසේ සොරකම් කොට ලබා දී ඇතැයි පැමිණිලලේ සඳහන් වේ.

