ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් වයි.පී.එන්.ආර්. වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් අද ප්‍රදානය කරන ලදී.
නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් කුරුණෑගල, මාවතගම පිහිටි නිවසේ දී ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත එම වන්දි මුදලට අදාල ප්‍රේෂණපත ප්‍රදානය කරන ලදී.
රජයේ නොවන අරමුදලක් යටතේ නාවිකයන්ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකමයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී ද මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු වේ.

