නාවික කොමදෝරු රිමාන්ඩ්


අනුරාධපුර  හතරැස්වෙල දුම්රිය මාර්ගයේදී  දුම්රියේ හැපී අනතුරට පත් නාවික හමුදා කැබ්රිය පැදවු නාවික හමුදා කොමදෝරු   චන්දන හේවා ගජමන්ගේ  බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර  අතිරේක මහේස්ත්‍රාත්  යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ආදී චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව නැගීමට නියමිතය.