(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.
මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.නාවලපිටිය නගරයේ තැපැල් කාර්යලය ඉදිරිපිට නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් යටවී තිබිණි.
වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගයේ එක් රැස් වී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.



