නාවලට පාලමක්


(යොහාන් භාසුර)

ඇතුල්කෝට්ටේ සිට නාවල දක්වා මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදය අඩුකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් වැයකරමින් නව පාලමක් ඉදිකරයි.

ඇතුල්කෝට්ටේ, මිරිහාන, කොහුවල මාර්ගය සහ කොහුවල සහ නාවල මාර්ගයේ 9 වන පටුමග සහ පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් මෙම පාලම ඉදිකරයි.

මීටර 700 ක දිගින් යුත් මෙම පාලමේ ඉදිකිරීම් මාස නවයකින් නිමකිරීමට අපේක්ෂිත අතර ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට සැලසුම් කර ඇත.

(ඡායාරූප: ශාන්ත රත්නායක)