නාවක්කුලිය හා යාපනය අතර දුම්රිය ගමන් දින පහකට නෑ


(මහින්ද නිශ්ශංක)

උතුරු දුම්රිය මාර්ගයේ නාවක්කුලිය හා යාපනය අතර පිහිටි පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට(23) සිට 27වැනිදා දක්වා දින පහක් එම මාර්ග කොටසේ දුම්රිය ධාවනය සිදුනොවන බව දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය පවසයි.

මේ කාලයේ දී කොළඹ සිට නාවක්කුලිය දක්වා පමණක් දුම්රිය ධාවනය කරන අතර කන්කසන්තුරේ සිට යාපනය දක්වා බලවේග දුම්රියක් ධාවනය කෙරේ. මගීන්ගේ පහසුව සඳහා නාවක්කුලිය සහ යාපනය අතර ශ්‍රීලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.