(ගයාන් සූරියආරච්චි)
ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය හදාරන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා පසුගියදා සමත්විය.
වායු දූෂණය ඇතුළු පරිසර තත්ත්ව නිසා ගස්වල පරාග මත තැන්පත්වන වායු දූෂක ඔස්සේ අසාත්මිකතා වැඩිකළ හැකි බවට ඉදිරිපත් කළ පර්යේෂණයෙන් ඔහුට මෙම පදක්කම හිමි විය.
24 වැනි වරට ජර්මනියේ පැවැති තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවට පාරිසරික විද්‍යා අංශයෙන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට රකිඳුට හැකිවිය.
රටවල් 40 කට වැඩි ප්‍රමාණයක තරගකරුවන් 300 කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.





