කොළඹ නාලාන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය වාර්ෂිකව පවත්වන ‘නාලන්දා ගුරු උපහාර ‘උළෙල අද එම විද්‍යාලයයේදී පැවැත්විණි.
විද්‍යාලයයේ ගුරුවරුද විශ්‍රාමිකයෝද 500 දෙනකු පමණ මෙම අවස්ථාවට එක් වුහ.ඔවුන් වෙනුවෙන් ආදී නාලන්දීය වෛදවරුන්ගේ සංගමයන් විශේෂ වෛද්‍ය සායනයක්ද පැවැත්විය.
එයට වෛද්‍ය පරීක්ෂණ ,රසායනාගර පරීක්ෂණ ,ඖෂධ නිකුත් කිරීමේ ඇතුළු සියළු වෛදළ්‍ය සේවාවන් ඇතුලත් විණි.
මෙයට අමතරව ගුරුවරුන්ගේ නීතීමය ගැටළු සදහා ආදී නාලන්දීය නීතීඥ සංගමය විශේෂ නීතී ආධාර සේවාවක්ද පැවැත්වුහ.උළෙල අවසානයේදී ගුරුවරුන්ට විශේෂ තිළිණද පිරිනැමිණී.