( මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (08) ඉවත දමනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාලකද සිල්වා මහාතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
නාලක ද සිල්වා මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබු නියෝගය ප්‍රතිශෝදනය කර ඇප ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් තීන්දුව නිවැරදි එකක් තීරණය කරමින් මෙම පෙත්සම ඉවත දැමීමට නියම කළේය.

