නාලක ද සිල්වා නඩුවෙන් මුදා හරිනවාදැයි තීන්දුව 9 වැනිදා


( නිමන්ති රණසිංහ)
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම නඩුවෙන්  නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රේල්  09 වැනිදා නිකුත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.
 

එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාර නාලකද සිල්වා අද  අසනීපයෙන් සිටින බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව බන්ධනාගාරය මගින් ලිඛිතව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.