නාලක ද සිල්වා තවදුරටත් රිමාන්ඩ්


( නිමන්ති රණසිංහ) 

හිටපු නියෝජ්‍ය පොලිස්නාලකද සිල්වා මහතා ලබන මස  06 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව වැඩබලන  මහෙස්ත්‍රාත්  ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා  ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළැයි ඔහු සැක පිට අත්අඩංගුවට ගෙන සිටී.
 
අද නඩුව කැඳවු අවස්ථාවේදී ගිලන් රියකින්  නාලකද සිල්වා මහතා අධිකරණයට ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.

( ඡායාරූප - චතුර එස් කොඩිකාර )