නාරම්මල අනතුරකින් දෙදෙනෙක් මරුට


(හේමලතා ඩී හේවගේ)

නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්‍රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ  ලොරි රථයක් පෙරළීමෙන්  සිදුවූ අනතුරකින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්වල පොලිසිය කියයි.

මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ නෙඩුකේනි,18 වන කණුව පදිංචි 29 හැවිරිදි මාණක්කම් කලෙයි සෙල්වන් හා වව්නියාව, කදෛර්ය කුලම් පදිංචි 43 හැවිරිදි රාම ක්‍රිෂ්නන් ඩේවිට පෙනිකින් යන අයවලුන් බවද පොලිසිය පවසයි.

මෙම ලොරි රථය මා වී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කරමින් සිටිය දී මාර්ගයේ දකුණු පසින් මාර්ගයෙන් ඉවතට පැන දකුණු පස අයිනේ තිබු දුරකථන රැහැන් කණුවක ගැටි ඉදිරියට ගොස් දකුණු පස පිහිටි බෝක්කු ගැට්ටේ ගැටී ලොරි රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.