නාරංගල කන්ද මාස 6 ක් සංචාරකයන්ට වහයි


 

    

(ඩී.කේ.රත්න)

 

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කන්ද මාස 6 ක් සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා තහනම් කිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශණ දෙණිපිටිය මහතා අද (7) පැවසීය.

සංචාරකයින් කඳුවැටිය තරණය කර රාත්‍රී කාලයේ දී ලැගුම් ගැනීමත් සමඟ අවට පරිසරය විනාශ කර ගිනි තබා, අපද්‍රව්‍ය බැහැර කර වන සතුන්ට හිරිහැර කිරීමෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කරනා තුරු සියලු ම සංචාරකයන් සඳහා කඳුවැටිය තරණය මාස 6 කට තහනම් කර ඇත.

පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නාරංගල කන්ද ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් ත්‍රිකෝණ මිතික ස්ථානයක පිහිටා තිබීමත් මෙම කඳුවැටියට ඉතාමත්ම මනරම් ලෙස අවට කඳ පංති දර්ශනය වීමත් මත දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා සුන්දර ස්ථානයකි.