නායකත්වය විවේචනය කරන්නන්ට විනය පියවර ගන්න - ඇමැති ජෝන්


( තිළිණි  ද සිල්වා )
 
එක්සත් ජාතික පක්ෂයේ සිදු කෙරැණු තනතුරු සංශෝධනයන් පිළිබද තමන්ට කිසිදු ගැටලුවක් නැති   නමුත් දිගින් දිගටම පක්ෂ නායකත්වය විවේචනය කරන පක්ෂයේ  අයට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (26) පැවසීය.

 
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ එලෙස පක්ෂ නායකත්වය විවේචනය කළ අයට ඇමතිකම මෙන්ම මන්ත්‍රීකමද අහිමි වූ බව හෙතෙම කීය.
 
‘ සමහර පසුපෙළ අය පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයින්ට යන්න කියනවා. ඒත් ඔවුන් ඒ ජ්‍යෙෂ්ඨයින්ට වගේ එක ආසනයක්වත් දිනා ගැනීමට බැහැ.‘ යැයිද ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.