නායකත්වය යළි බාරගන්න තවදුරටත් හිතන්න ඕනෑ


ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් ලැබුණොත් බාර ගැනීමට සූදානම්ද යන්න හිටපු නායක මහේල ජයවර්ධනගෙන් ඊයේ (19 වැනිදා) කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බැලිය යුතු බවයි. -නායකත්වය සම්බන්ධයෙන් මාත් එක්ක කවුරුවත් කතා කරලා නැහැ, කොහොම වුණත් ඒක ඉතාමත් විශාල තනතුරක්” -නායකත්වය නැවත බාරගන්නවාද කියන එක ගැන තවදුරටත් හිතලා බලල තමයි තීරණයක් ගන්න  ඕන” යයි මහේල ජයවර්ධන ඊයේ දකුණු අපි‍්‍රකාවේ කිම්බර්ලි නුවරදී පැවසීය.