නායකත්වය තිබුණත් නැතත් මා ඒ ගැන කරදර වෙන්නේ නෑ


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය සිකුරාදා කිම්බර්ලි නුවරදී පැවසීය. ”මම තරුණ කී‍්‍රඩකයන් එක්ක අභියෝගයක් බාරගත්තා. මම තරුණයන්ට තැන දෙනවා” ”තව වසර තුන හතරකින්, තරුණ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දස්කම් පෙන්නවනවා මට වාඩිවෙලා බලා ඉන්න පුළුවන්. මගේ අරමුණ ඒකයි” යයිද ඩිල්ෂාන් කිම්බර්ලි නුවරදී පැවසීය. තමන් නායකත්වය බාරගත්තේ ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවකදී බවද ඩිල්ෂාන් පැවසීය. ”හැමෝම අයින් වුණා. නායකත්වය බාරගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවාම මම අභියෝගය බාරගත්තා. මගේ නායකත්වය මම සතුටින් කරගෙන යනවා” යයිද ඩිල්ෂාන් පැවසීය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බොහෝ භූමිකා බාරගෙන ඇති කී‍්‍රඩකයන් කිහිප දෙනාගෙන් ඩිල්ෂාන්ද අයෙකි. ”මම හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්” ”ඔවුන්ට  ඕනෑ වුණාම මා කඩුලූ රැක්කා, ඔවුන්ට  ඕනෑ වුණාම මා ආරම්භක පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරලා ඊට පස්සේ අංක 6 පිතිකරුවා ලෙසත් කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය. පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වශයෙන් කී‍්‍රඩා කිරීමට අමතරව ඩිල්ෂාන් අවස්ථානුකූලව පන්දු යැවීමටද ඉදිරිපත් වන අතර පිටියේ  ඕනෑම තැනක විශිෂ්ට පන්දු රකින්නකුද වෙයි. නායකත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන ප‍්‍රවෘත්ති නිසා අසහනයට පත්ව සිටීද යන්න කළ විමසුමකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ ඒ ගැන තමන් කරදර නොවන බවත් නව තේරීම් කමිටු සභාපතිවරයා සිකුරාදා තමන්ට කතා කළ අවස්තථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළ බවත්ය.