(සමන් පාලිත නානයක්කාර)
හල්දුම්මුල්ල වල්හපුතැන්න හන්දියේ සිට කිලෝමීටරයක් පමණ දුරට මෙම මාර්ගය විටින් විට නාය යමින් පවතින බැවින් බදුල්ල ප්රධාන මාර්ගයේ 175 කිලෝමීටර් කණුවවට නුදුරින් මෙම අවදානම වැඩි වශයෙන් ඇතැයිද ඒ හෙයින් මෙම ස්ථානයෙන් ගමන් කිරීම වහාම නවතන ලෙසද මහජනතාවට දැනුම් දී තිබේ.
මාර්ගය කඩිනමින් සකස් කිරීමට හා මේ පිළීබඳව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන්ද වාර්තාවක් ලබාගනිමින් ඒ අනුව කටයුතු කරන බව බදුල්ල අපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්. එල්. උදයකුමාර මහතා සඳහන් කළේය.