නාය යාමේ අවදානමෙන් හැටන්-ඩයගම මාර්ගය වසා දමයි


(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි ) 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර්ගයට ගලක් පෙරළිම හේතුවෙන් එම මාර්ගයේ  ගමනා ගමන කටයුතු අද (11) සිට තාවකාලිකව නතර කළ බව හැටන් පොලිසිය කියයි.

එම මාර්ගයේ ‍ෆොඩයිස් වත්ත එන්සි කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිසිය  සඳහන් කරයි.

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් එම මාර්ගයේ ධානය කළ හැකි බවත්ල බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම්  කර ඇති අතර බර වාහන තලවකැලේ මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම මාර්ගයේ හැටන් සිට ඩයගම දක්වාත් ඩයගම සිට හැටන්  දක්වාත් ගමන් ගන්නා බස් රථ මාර්ගය ගිලා බැසිමට සහ ගලක් පෙරැළිමට ලක් වි ඇති ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට බස් රථවලින් ගමන් ගන්නා මගින්ව දෙපස නතර කර ඇති බස් රථවලට මාරු කිරිමට හැටන් පොලිසිය රථ වාහන අංශය කටයුතු කර ඇත.