නාය තර්ජන නිසා පාසල් තුනක් වහයි


නායයාමේ තර්ජනයක් නිසා පූජාපිටියේ මොලගොඩ පියදස්සී   , ගල්කන්ද කණිටු හා ගල්හින්න ජමාලියා විදුහල් දින නියමයක් නැතිව වැසූ බව ප්‍රාදේශීය සභාපති අනුර මඩලුස්ස මහතා කියයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත.

සිසුනට වෙනත් පාසල් ලබා දී තිබේ.